Content feed Comments Feed

ගේම නම් ගේම

TEASER TEXT, ...
YOUR-ADSENSE-CODE HERE

කවි මුතු

TEASER TEXT, ...
YOUR-ADSENSE-CODE HERE

කට කහනවට

TEASER TEXT, ...
YOUR-ADSENSE-CODE HERE
CahayaBiru.com

පරිසර දූෂණය සිද්ධවෙන අලුත්ම විදිය ලංකාවේ “පරිසර දූෂණයට විරුද්ධ විද්වතුන් කමිටුව “කියන පර්යේෂක කණ්ඩායමක් හොයාගෙන තියනවා.ඒ තමයි ආණ්ඩුවට විරුද්ධව පෝස්ටර් ඇලවීම.මේ ආණ්ඩු විරෝධී සංවිධානාත්මක කල්ලියට හෝ කීපයට බටහිර රටවලින් ආධාර ලැබෙනවා කියලත් සක්සුදක් වගේ ඔප්පු වෙලා තියෙන්නේ.කෝටි ගණන් එහෙම ආධාර නොලැබෙනවානම් මෙච්චර පාන්පිටි ගණන් යද්දී පාප්ප හදල පෝස්ටර් ගහන්නේ කොහොමද කියලා කමිටුව ප්‍රශ්න කරනවා.ඒ අතරේම දේශීය හාල්පිටි පාප්ප වලින් පෝස්ටර් ගහමින් පරිසරය සුරකින්නට විශාල තල්ලුවක් දෙන ටියුෂන් මාස්ටර්ලා  ,සිනමාශාලා හිමියන් ,වේදිකානාට්‍ය කාරයන්  සහ තවත් එවැනි පෝස්ටර්කාරයන් වැඩි වැඩියෙන් දිරිමත් කරන්න අනාගතයේ පහසුකම් සපයන්නත් කමිටුව පියවර ගනිමින් ඉන්නවා.

ශබ්ද දූෂණය සිද්ධවෙන අලුත්ම විදියත් කමිටුව මේ එක්කම හොයාගන්නට සමත් වුනා.ඒ ආණ්ඩු විරෝධී කතාබහේ යෙදෙන පුද්ගලයන් කතාබහේදී නිකුත් කරන ශබ්ද නිසා ඇතිවෙන පරිසර දූෂණය.කමිටුව වැඩිදුරටත් හොයාගත්තේ ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට ගස් බැඳපු ලවුඩ්ස්පීකර් නිකුත්කරන්නේ මේ පුද්ගලයන් නිකුත් කරන ඩෙසිබල් ප්‍රමාණයෙන් දහඅටෙන් එකක් කියලයි.මේ දූෂණය නැවැත්වීමේ පලවෙනි පියවර විදියට ලංගම බස් සහ දුම්රිය වගේ පොදු ප්‍රවාහන සේවාවල ආණ්ඩු විරෝධී කතාකාරයන් ගමන් කිරීම තහනම් කරනවා ඇති.එයින් බලාපොරොත්තු වෙන්නේ කන්තෝරු දුම්රිය වැනි පොදු ස්ථානවල මෙවැනි කතාකාරයන් එකතුවෙන එක වැලැක්වීම.

වායු දූෂණයට ප්‍රධානම හේතුව විදියට කමිටුව හඳුනාගත්තේ පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ  සහ මහින්දට චන්දය නොදුන්න චන්දදායකයන්ගේ වාහනවලින් පිටවෙන දුම් වලාවන් විදියටයි.කොමිස් ගසා ලබාගත්තු සුපිරි වාහන වලින් රට පුරා සැරිසරන මේ පිරිස වායුගෝලයට එකතු කරන කාබන් මොනොක්සයිඩ් ,ඊයම් ඇතුළු විෂ අංශු  ප්‍රමාණය පුත්තලම් සිමෙන්ති කම්හලෙන් වායුගෝලයට එකතුවෙන මිනිසාට අහිතකර අංශු ප්‍රමාණය මෙන් හතලිස් තුන් වාරයක් දරුණු බවයි දත්ත වාර්තා හෙළිකරන්නේ.මේ වායු දූෂණය පිටුදැකීමේ මූලිකම පියවර විදියට විපක්ෂ මන්ත්‍රීන්ට කාර් පර්මිට් දීම නැවැත්වීම යෝජිතයි.ඒ වාගේම අදාළ චන්දදායකයන් වාහන මිලදී ගැනීමේදී සියයට හාරසිය විසි අටක පරිසර ආරක්ෂක බද්දක් පැනවෙනු ඇති.

මේ කමිටු තීරණ පරිසරය සුරැකීමට අනාගතයේ ලොකු පිටුබලයක් වෙනු ඇති කියලයි කමිටු සභාපතිතුමා විශ්වාසය පළකරන්නේ.මෙයට තවත් එකතු විය යුතු පරිසර ආරක්ෂක උපක්‍රම ඔබට යෝජනා කල හැකිනම් නොවලහා කමිටුවට ලිඛිතව දන්වා සිටින්න.හොඳම යෝජනා වලට මාසයක් කන්න සෑහෙන පාන් නොමිලේ.

ගළන ගඟකට වැටී පාවෙන්න
හමන සුළඟක වෙළී සැනහෙන්න
මුහුද අද්දරට විත් ඇවිදින්න
ඉඩ දෙන්න හිතේ දුක නැතිවෙන්න

පූජාසනය සේ සිතා බැතිබරව
දෙදණ ඇන නෙත් පියා නිරතුරුව
එක හිතින් පැතූ පැතුමන් ගොලුව
සුසුම ඉතිරිව පැතිර යයි කලුව

අහස සේ පැතිරෙන්න අත විදාහල නමුත්
තාරකා නැත පැතූ - නිවී ගිලිහෙන උණු කඳුල මිස
දෙනෝදාහක් දෙනා අතර පෙනී නොපෙනීයන
නොසිතා නුඹ ගැනම - සිතමි පය පැකිලී වැටුණ වග


හිතුවක්කාරයා විසිනි


දිවුරුම් ප්‍රකාශයයි
ශ්‍රී ලංකාවේ එක්තරා ගමක මටම කියා ආණ්ඩුවෙන් ලැබුණු පර්චස් හතළිහක ස්ථිර පදිංචි මගේ වයස අවුරුදු--යි. සිංහල/බෞද්ධ,විවාහකයි,රැකියාව බොහොම පොඩි එකක්,පහත ප්‍රකාශය කරමි.
මා මෑතක පටන් සිංහල බ්ලොග් අවකාශයේ කරක් ගසමි.කාටත් හොරෙන් අහීමාන වේලාවල් වල චාරයක් නැතිව මේ රෝන්දෙ ගැහීම සිදුකරන ලද අතර ගෑනුන්ගේ හෙලුවැලි රූප බලනවාදැයි අසමින් මායියා වරින් වර එබිකම් කිරීම හැර වෙනත් ප්‍රශ්නයක් නොතිබුනු බව ද වගකීමෙන් යුතුව කිව හැකිය. එහෙත් මෑතදී මගේ හිතේ පොඩි කාරණාවක් ගැන කොස්සක් ඇතිවූ අතර මේ වන විට එය මොලේ පයිත්තියන් වෙන ගානට වැඩි වර්ධනය වෙමින් පවතී.මේ සැකය මුලින්ම ඇතිවූයේ එක්තරා බ්ලොග් අඩවියක් කියවීමේදීය.ඉන් අනතුරුව බොහෝ බ්ලොග් අඩවි නිදිමරාගෙන කියවාගෙන යද්දී මගේ සැකය තහවුරු වූ බවද කිව යුතුය.
මා ඉතා වගකීමෙන් කියනුයේ මෙම බ්ලොග් අඩවි වැඩිමනක් පවත්වාගෙන යන්නේ අපේ ගමේම එවුන් බවයි.ඒ සදහා සාක්කි කප්පරක් මා සතුව ඇත.උදාහරණයක් ලෙස විජේ මුදලාලිගෙ බස් එකේ වැඩකරන වසන්ත කොලුවා පහුගිය දාක අදෝ උන්දගේ මල ගෙදරදි කියාපු ත්‍රස්තවාදියො පිටරට ඉදන් ආපහු ලංකාව අල්ලන්ඩ යන කතාවක් පහුවදා ඌ කියාපු වචන වලින්ම බ්ලොග් එකක තිබුණි.හෙලේනාගේ පොඩි එකී පන්තියෙම කොල්ලෙකුට දීල ටීචර්ට අහුඋන ලව් ලෙටර් එකද ගෙඩි පිටින්ම එකක දමා තිබුනි.එමෙන්ම පහුගිය දවස් වල අපේ ගමෙන් සෝමාවතී පූජාවට ගිය කරලිනා උන්දෑ හේරත් කඩේදි කොරාපු සෝමාවතී ආශ්චර්ය වර්ණනාව අකුරක් නෑර බ්ලොග් එකක තිබී හමුවිය.එපමණක් නොව සෝමාවතී ගංවතුර ගැන කියා උන්දෑට කෝචොක් දාපු කොල්ලන්ට දීපු උත්තරද වෙනත් බ්ලොග් වල කමෙන්ට්ස් අතර තිබී හමුවිය. බෙනඩික්ගේ දෙවෙනි කොල්ලා (උගේ ගන්ඩම දෙයක් නැත)කොලු රෑනත් එක්ක ගංජා මලක් උරා මයිල ගහක් යටට වී කියන මල් කතා බ්ලොග් ගණනාවකම තිබී හමුවිය.එමෙන්ම ඉදහිටලා ගමට එන හරක් බිස්නස් කරන කාසිම් මුදලාලිත් එක්ක ආරියා කොක්කක් දාගත්තු දා මුදලාලිගේ ජාතිය ගැන ඌ කියපු අසික්කිත කතා ද සියල්ලම පාහේ බ්ලොග් අඩවියක තිබී මෑතකදී හමුවූ අතර වලිය සමතයකට පත් කරන්නට ආපු එවුන් කියපු කතාද වෙනත් අඩවි වල සහ කමෙන්ට්ස් අතර තිබුණි.
මේ සොච්චමක් පමණකි. තවත් නැවකට මෙවන් සාක්ෂි ඇත.මෙයින් පැහැදිලි වනුයේ අපේ ගමේම එවුන් මට කොකා පෙන්වා ඇති බවයි.මෙයින් ඇතිවූ මගේ සිත් තැවුලට පිළියමක් ලෙස මම ද ම‍ගේම බ්ලොග් අඩවියක් දියත් කරමි.මටම කියා විශේෂිත සිරිසේන චින්තනය වැනි යමක් නැති අතර මා ලියනු ලබන්නේ මට අදාල සබ්ජෙක්ට් පමණක් බැවින් මෙයට සිරිසේන සබ්ජෙක්ට්ස් කියා නම තබමි.(මෙම නම සම්බන්ධයෙන් වෙනත් කිසිදු කරුණක් අදාල කර නොගත් බව කරුණාවෙන් සලකන්න).මට දැනට කීමට ඇත්තේ එපමණකි.
මා විසින් ඉහත කරන ලද ප්‍රකාශය මට හැගෙන විදියට සත්‍යයක් බවද,එය අසත්‍යයක් නම් යථා කාලයේදී මා හට වහ කාල කැ‍ලේ රිංගන්නට සිදුවන බව හොදාකාරවම දන්නා බවද, ගෞරව බහුමානයෙන් යුතුව මෙයින් දිවුරා ප්‍රකාශ කරමි.
මෙයට,
සිරිසේන.

Pages

Followers

About Us